Tuesday, August 6, 2013

Birth Day Gift එක....!!

ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ.....
ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day එකලු..........
දැන් සුරංග දස අතේ කල්පනා කරනවාලු මොනවද Birth Day එකට දෙන්නේ කියලා.....කොයි තරම් කල්පනා කලත් දෙන්න හොද Gift එකක් මතක් වෙන්නෙම නෑලු...........
ඉතින් සුරංග බැරිම තැන ගියාලු මිනිහාගේ හොදම යාලුවා meet වෙන්න.......
යාලුවත් ඉතින් හෙන කුකුලා ලු..............
ගිහින් ඉවර වෙලා.......

සුරංග : ' මචං මාර අවුලක් බං.......'

යාලුවා : ' ඒ මොකද්ද බං...'

සුරංග ටිකක් කල්පනා එහෙම කරලා............

සුරංග : ' නෑ බං මගේ කෙල්ලගේ Birth Day එක මචං....මම මේ කල්පනා කලේ මොනවද එයාට අරන් දෙන්නේ කියලයි....මට ඕනේ ජීවිතේට අමතක වෙන්නේ නැති Gift එකක් එයාට දෙන්න මචං.......' කියලා කිවුවාලු

එතකොට..........

යාලුවා : ' හරි මට දැන් කියපන් බලන්න උබේ කෙල්ල මොන වගේද කියලා.........' ඇහුවලු

එතකොට.........

සුරංග : ' අම්මට කියලා වැඩක් නෑ බං...මාර ලස්සනක් තියෙන්නේ.....මූණ නිකන් ඇන්ජලීනා ජොලී වගේ....Figure එක සනී ලියොන් ගේ වගේ.....එතකොට Walk එක..... Walk එක නිකන් නයෝමි කැම්බල් වගේ..පිස්සු හැදෙනවා බං.......' කියලා කිවුවාලු

දැන් අරූ කට ඇරගෙන මේක අහගෙන ඉදලා පොඩි හිනාවක් එහෙම දාලා.....

යාලුවා : ' අහා...එහෙනම් ඒකිට ගැලපෙන්නේ එකම එක Gift එකක් විතරයි බං...' කිවුවලු

එතකොට සුරංග දැන් පුදුමෙන් බලන් ඉන්නවලු....ඇයි යකෝ මූ දවස් ගනන් කල්පනා කරලත් මතක් උනේ නැති Gift එකක් මූ කොහොමද එක පාරටම කියන්නේ කියලා......

සුරංග : ' ඒ මොකද්ද බං ඒ........' කියලා ඇහුවාලු

එතකොට......

යාලුවා : ' අහා එහෙනම් ඔන්න ඔහේ ඒකිට මගේ Phone Number එක දීලා දාපන් බං......' කියලා ෂේප් එකේ කියලා දැම්මලු

( ඇයි අවුල්ද.................??? ) 

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com