Monday, August 5, 2013

කොලඹ ගමන

ඔන්න මේක ඉස්සර කාලෙ වෙච්ච කතාවක්... (ඉස්සර කිව්වට වඩි ඈතක නෙවෙය්...අසූ ගනන්වල හරිය..) ඔන්න ඒ කාලෙ ගම්වල හිටපු මිනිස්සු කොලඹ ගිහින් නෑලූ.. ඉතින් මෙහෙම කවදවත් කොලඹ ගිහින් නැති මිනිස්සු හිටපු ගමක් තිබුනලු... ඉතින් මේ ගමේ මිනිස්සුන්ටත් ඕන උනාලු කොලඹ කොය් වගේද කියල දැනගන්න.. ඉතින් මේ ගමේ මිනිස්සු කතා කරගෙන එකපොරක්ව කොලඹ කොය් වගේද කියල බලන් එන්න...

ඔන්න මේ පොර කොලඹට ගොඩබැස්සලු... ඒකරල කොලඹ පොඩි වටයක් දාල අහම්බෙන්ම වගේ ගෝල්ෆේස් එකට ආවලු.. දැන් මෙහෙම ටික වෙලවක් ඉන්නකොට ඩයල් එකට ශරීර කෘත්‍ය ඉටු කරන්න ඕන උනාලු.. (ඔව් ඔව් බන් රෙන්ඩතමය්)... මිනිහ යන්න තැනක් දන්නෙත් නැතිලු.. ඉතින් මිනිහට ඉවසගන්නම බැරිව කව්..රුත් නැති තැනකට ගිහින් උරේකට වැඩේ කරව්වලු..
ඉතින් මේ මනුස්සය වැඩේ අහවර කරල උරෙත් අතේ එල්ලගෙන ඉන්නවලු.

මේ අතරෙ පොලිසියට කව්දෝ ඔත්තුවක් දීල තිබුනලු මිනිහෙක් කුඩු (ඔව් ඔව් තහනම් ඒව) කිලෝ2ක් ලග තියගෙන ගෝල්ෆෙස් එක පත්තට ආව කියල. ඔන්න මේ ගැන හොයන්න පොලිසිය්න් පන්නලු ගෝල්ෆෙස් එකට.. ආපු ගමන් දැක්කෙ අර ගමේ ඉදල ආපු අහින්සකයලු.. මිනිහ උරයක් එක්ක හිටපු නිසා හිතුවෙ මූ තමය් මිනිහ කියල ජීප් එකට දාගෙන අරගෙන ගියලු පොලිසියට.. ගෙනිහින් පාර්සලේ කිරුවලු. කිරල බලද්දි තියෙන්නෙ කිලෝ 1 1/2ලු. පොලිසියට මැසෙජ් එක ආවෙ කුඩු කිලෝ 2ක් කියලනෙ.. ඉතින් මේ පාර්සලේ ග්‍රෑම් 500ක් අඩුය්. ඉතින් දන්නවනෙ අපෙ පොලිසිය... ඉතුරු ග්‍රෑම් 500 කොය් කියල අම්බානකට ගැහුවලු... ඉතින් මේ අහින්සකය මොනුත් දන්නෑනෙ. පස්සෙ පොලිසියෙන් මේ උරේ ඇරල බලනකොටලු දක්කෙ ඇතුලෙ තියෙන්නෙ අසූචි කියල.(ඔව් ඔව් ගූ තමය්) දැන් පොලිසියෙ සෙට් එකටතප්සට්ලු. මේ වෙච්ච වැරැද්ද ගැන අර අහින්සකයට නොකිය ගෙදර යැව්වලු. මිනිහ හරුනු තැපෑලෙන් ගමට ගියලු.
ඔන්න කොලඹ යවපු ඩයල් එක ගමට අව කියල දැනගත්තු ගමේ මිනිස්සු මිනිහව හොයගෙන ආවලු කොලඹ කොය් වගැද කියල දැනගන්න ආශවෙන්.. මිනිහ ගමේ මිනිස්සුන්ට කිව්වෙ මෙන්න මෙච්චරලු..

උඹලට කිලෝ2ක් රෙන්ඩ බැරිනම් කොලඹ යන්න එපා,,,,,,,, කිව්වලු...

කතව කියවල comment එකක් දාන්න අමත කරන්න එපා...

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com