ඇත්තටම කියනව නම් මේක ටීවී වෙළදාමේ තියන මහා ප්‍රෝඩාවක් හෙළිදරව් කිරීමක්. වාසනාවකට මේක හෙළිදරව් කරේ මගේ යාළුවෙක්. ඒ හින්ද මේ මහා හෙළිදරව්ව ගැන මුලින්ම දැනගැනීමේ වාසනාව උබලට හිමි වෙනව.
මේකයි සිද්දිය. මේ ලගදි දවසක මන් යාළුවෙක් එක්ක බස් එකේ යනව. හිටගෙන තමයි ගියෙ. ඔන්න බස් එක ට්‍රැෆික් ලයිට් එකක් ගාව නැවැත්තුව. එතකොට අපි ඉස්සරහින් කවුළුවෙන් පේනවා දම්රෝ ෂෝ රූම් එකක්.
ටිකක් වෙලා මේක දිහා බලන් හිටපු මගේ යාලුව අර ෂෝ රූම් එක පෙන්නල කියනවා "බලහන් බන්, මුන් තනිකර බොරුවනේ කරන්නේ. බොරුව දාල මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්නව"
මට මූ මේ කියන්නේ මොකක් ගැනද කියල එකපාරටම මීටර් නෑ. එත් මන් කිව්ව "ඕව ඔහොම තමයි බන්, ඕව ගත්තට පස්සේ ඔය කියන තරම් ආතල් නෑ. අන්තිමට වොරන්ටිත් නෑ" කියල.
එතකොට මගේ මුණ දිහා බලන් ඉදල අරූ කියනව "බොට පිස්සුද හු**, මං කතාකලේ කෙහෙල්මල් වොරන්ටියක් ගැන නෙවෙයි යකෝ!" කියල.
"එහෙනම් මොන වෙඩිමක්ද උබ කතාකරන්නේ???"
එතකොට මූ කියනවා "දැන් බොට පේනවද අර වීදුරුවේ එල්ලල තියන බැනර් එක. එකේ අගල් 14, 21, 29 , 32, 42 වගේ එක එක සයිස් වල ටීවී වල ෆොටෝ දාල තියනව. හැබැයි හැම ටීවී එකේම පෙන්නේ ඩොල්ෆින්ලා දෙන්නයි. අගල් 14 එකෙත් දෙකයි, 42ත් දෙකයි. ඉතින් එකම ඩොල්ෆින්ලා දෙන්න බලන්න අපි මොන හු**ටද තුන් හතර ගුණයක් වැඩිපුර සල්ලි දෙන්නෙ. අඩුම තරමේ ලොකු එකේ ඩොල්ෆින්ලා දෙන්නයි හාල් මැස්සයි වත් පේනවනම් කමක් නෑ"
ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ යාලුව මේ වෙළද මාෆියාව අල්ලගත්තෙ. උගේ මිත්‍රයෙක් වෙන්න ලැබීම මගෙත් පෙර පිනක්.
Monday, August 5, 2013
Subscribe to:
Post Comments (Atom)
Text Widget
Powered by Blogger.
Most Reading
-
ඔන්න එක්තරා රටක ගම්බද පෙදෙසක ජීවත්වන මෑදිවියේ පුද්ගලයෙකුට ආමාෂය ආශ්රිත රෝගයක් හෑදුනලු.(මොකද්ද ඒ කියල මගෙන් අහන්න එපා)ඉතින් මේ මනුස්සයා දොස්...
-
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නි...
-
දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ල...
-
ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී ) "ඔය නංගී පොඩ...
-
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,. "න...
-
ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර) ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නන...
-
මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ...
-
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විර...
-
ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ, . එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කත...
-
ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ..... ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day...
Labels
- 18+ (4)
Tags
- 18+ (4)
Blogger templates
Popular Posts

0 comments:
Post a Comment