වෙලාව රාත්‍රී 12.00 පසුවී විනාඩි කිහිපයක් පසු වී ඇත.. සවස ඇති වූ වැස්සෙන් පසුව තෙත බරිත වූ නගරය මහා මුසල පෙනුමකින් දිස්වුණා.. මුළු නගයරම අදුරු භීතිය රජ කරන මොහොතක නගරයේ එක් අදුරු මුල්ලක එකම එක පහනක් දැල්වෙලා තිබුණා.. .. කලකින් අලුත් වැඩිය නොකරන ලද අවපැහ ගැන්වුණු කුටියක් තුල තනිවම සිටින ඔහු කිරි සුදු නොවූ නමුත් සුදු යැය් කිව හැකි දිග කබායකින් සැරසුණු මැදිවියෙහි පසුවන වෛද්‍යවරකි ... ඇත්තෙන්ම ඔහු දන්ත වෛද්‍යවරකි..
"හ්ම්ම් අදත් නැ.. කවුරුත්ම නැ .. ප්ලේන්ටියක් වත් බොන්න කීයක් වත් හම්බ කරගන්න මොකෙක් වත් අවේ නැති හැටි.. .. මට නම් තේරෙන්නේ නැ මොනවා කරන්නද කියල.. මෙහෙම ගියොත්.. මට හිගාකන්න තමයි වෙන්නේ.. මේකේ එවුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැති හැටි.. වෙලාවට දත් සුද්ද කරලා.. නරක් වෙච්ච දත් ගලවල.. ගලවපු දත් වලට අලුත් දත් දාපුවම කොච්චර නම් අගේ ද.. මටත් අගෙයි නේ.. කොහෙද කොහෙද.. මේකේ ඉන්න එවුන්ට එච්චර දෙයක් තේරෙන්නේ.. මෝඩ යක්කු" ..
නගරයේ එක් කෙළවරක එසේ සිදු වෙද්දී .. තවත් කෙළවරක ඊට වඩා දරුණු දෙයක් වෙමින් පැවතුනා.. අදුර මැදින් ගමන් කරමින් සිටි අඩි හයකට උසින් නොඅඩු හීන්දෑරි පුරුෂයෙකි.. කළු දිග කබායකින් සැරසී සිටි ඔහුට කිට්ටු වී බැලුවොත් ඉතාම දරුණු ලෙඩෙකු මෙන් සුදුමැලි පැහැ ගැන්වූ මුහුණ, තියුණු කාල වර්ණ ඇස් සහ.. තොල් දෙකෙන් එලියට පැන තිබු බලු දත් දෙක මැනවින් දැකගත හැකි වුණා..
තම දිගු පාද බරට තබමින් අඩියට දෙකට නගරය මැදට ගමන් කරන ඔහුගේ කබායෙන් නැගෙන සර සර ශබ්දය හැරුණු කොට මුළු නගරයෙහිම මුසල නිශ්ශබ්දතාවය බිදින්නට සමත් දෙයක් නොවිණි. ඈත කෙළවරෙහි මුළුගැන්වුණු පහනක් දැල්වුණු කුඩා කුටිය ඔහුගේ තියුණු නෙත් වලින් මගහැරෙන්නට තරම් සමත් නොවිණි. ..
ඊලග තප්පරයේදී දිගු කළු කබාකරුවා දන්ත වෛද්‍යවරගේ කුටිය ඉදිරිපිටය.. සැනෙකින් කුටිය තුලට පිවිසි කබාකරුවාට අඩ නින්දේ පසුවුණ වෛද්‍යවරයාව අවදි කරන්නට හැකි විය..
" මම ඩ්‍රැකුයිලා "
ඔහුගේ බර හඩ රැව් පිළිරැව් දෙමින් ඈතට විහිදී ගියා..
"අහ් මහත්මයා දරණු දන්ත රෝගයකින් පෙළෙනවා වගේ .. කෝ බලන්න.. ඉස්සෙල්ල මේ පුටුවෙන් වාඩි වෙන්න.. ඉන්න මන් ලයිට් එක දානකම්.. මට ඉඩ දෙන්න ඔබේ මුඛය පරික්ෂා කරන්න"
ඒ වෛද්‍යවරයාගේ හඩයි..
"හ තමුසෙට මන් කියපු දේ ඇහුනේ නැ වගේ.. මන් ඩ්‍රැකුයිලා"
නැවතත් කළු කබාකාරයාගේ රළු හඩයි ..
"හරි හරි අයිසේ තමුසේ මහා කලබල කාරයෙක් නේ.. එනවා එනවා මෙතනින් වාඩි වෙනවා.. කෝ කට අරිනවා"
"මේ මොන පිස්සෙක් ද ඔයි .. මන් ඩ්‍රැකුයිලා"
"දැන් ඉතින් මට දෙන්න හිතෙනවා තමුසෙගෙ දත් ටික බඩට යන්න.. කෝ අරිනවා තමුසෙගෙ කට.. ආපෝ බලනවා මේ දත් දෙකේ දිග.. මේක නම් අසාමාන්‍ය පිහිටීමක්.. මේක අපි ගලවමු.. එතකොට තමුසෙට දැන් ඔය තියෙන අපහසු තාවය නැති වෙලා යයි .."
"ඔයි මන් ඩ්‍රැකුයිලා"
"හරි හරි මනුස්සයෝ.. දැන් ඕක කීපාරක් නම් කිව්වද.. මට තමුසෙගෙ නමින් වැඩක් නැ"
"අනේ අය්යේ.. මන් ඩ්‍රැකුයිලා"
"හරි එක දතක් ගැලෙව්වා ... හරි පුදුමය් නේ ඔයි .. තමුසෙගෙ ලේ බිදක් නැනේ.. බලපන් මගේ දක්ෂතාවය"
"අනේ අය්යේ මන් ඩ්‍රැකුයිලා"
"පොඩ්ඩක් ඉන්නවකෝ කට වහගෙන .. පුදුම කරච්චලයක් නේ තියෙන්නේ තමුසෙගෙන් .. ඔන්න හරි අනික් දතත් ගැලෙව්වා.. තව දවස් දෙකකින් එනවා.. ඔය හිස් තැන් දෙකට මන් දත් දෙකක් හදල තියෙනනම්.."
" අනේ අය්යේ.. මන් ඩ්‍රැකුයිලා..මොකද්ද අය්යේ මට මේ කලේ .. මන් ඩ්‍රැකුයිලානේ "
" අහ් හරි හරි තව ටිකකින් ඔය වේදනාව අඩු වෙලා යයි .. මෙන්න බිල.. දැන් ඔතන පත බෑවිල ඉන්නේ නැතුව නැගිටලා එනවා.. මගේ ගාන ගෙවනවා"
"මොකද්ද අය්යේ.. ඔය මගේ දත් දෙකත් ගලවල සල්ලිත් ඉල්ලනවා.. අනේ අය්යේ මන් ඩ්‍රැකුයිලා"
"මොකක් තමුසේ ගාව සල්ලි නැද්ද.. මදැයි ඉදල ඉදල කස්ටමර් කෙනෙක් අල්ලගත්ත.. සල්ලි නැත්තන් තමුසෙගෙ වටිනා කියන දෙයක් වත් දීල යනවා.. ඔය කබායවත් ගලවල ගන්නවා මෙහාට.. "
ඊලග මොහොතේ දැක ගත හැකිඋනේ දත් දෙකක් අහිමි වෙච්ච කබයත් අහිමි උන පාරේ හිස හැරුන අතේ උමතුවෙන් දුවන ඩ්‍රැකුයිලායි ....
කතාව - ටීවී එකේ ගිය කතාවක් ඇසුරුකොට ලියන ලද්දකි..
නම් ගම් සහ චරිත මනකල්පිතයි .... කතා රසය සදහා. යම් යම් කරුණු ඇතුල් කල බව කරුණාවෙන් සලකන්න
Tuesday, August 6, 2013
Subscribe to:
Post Comments (Atom)
Text Widget
Powered by Blogger.
Most Reading
-
ඔන්න එක්තරා රටක ගම්බද පෙදෙසක ජීවත්වන මෑදිවියේ පුද්ගලයෙකුට ආමාෂය ආශ්රිත රෝගයක් හෑදුනලු.(මොකද්ද ඒ කියල මගෙන් අහන්න එපා)ඉතින් මේ මනුස්සයා දොස්...
-
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නි...
-
දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ල...
-
ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී ) "ඔය නංගී පොඩ...
-
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,. "න...
-
ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර) ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නන...
-
මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ...
-
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විර...
-
ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ, . එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කත...
-
ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ..... ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day...
Labels
- 18+ (4)
Tags
- 18+ (4)
Blogger templates
Popular Posts

0 comments:
Post a Comment