Tuesday, August 6, 2013

කොරියන් කාරය

මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ වාහනේ පදවන රියදුරා විදිහට.

ඉතින් මෙයාට රැකියාවේ තිබුන ලොකුම ගැටලුව කොරියන් කාරයා එක්ක දහස් හුවමාරු කරගන්න එක. මොකෝ කොරියටත් හරියට ඉංග්‍රීසි බෑ අපේ එකාටත් හරියට කතා කරන්න බෑ yes,no,go,stop,come ,came ඔය වගේ වචන ටිකක් පොර දන්නව කොහොම හරි අපේ බුවත් ඕවා අහුලාගෙන කොරියා එක්ක ගේම ගහගෙන රස්සාව කරන් හිටියා.

දවසක් අපේ පොරගේ ගෙයි පඩියට එනකම්ම ගංවතුර ගලලා ඒ පැත්ත වතුරින් යට උනා. මෑන්ස් ට දැන් වැඩට යන්න විදිහක් නෑ...
කොරියන් කාරයට කෝල් කරලා කියන්න ඕනි උනා. මොකද පොඩ්ඩ බැරි උනොත් කොරියට මල පැනල "ෂිකියා" කියලා බනිනවලු. (ෂිකියා කියන්නේ කොරියන් බාෂාවෙන් මොකක්ද කියලා අහන්න එපා ඔන්න )

කල්පනා කරලා කරලා පොර ගත්තලු කොරියට කෝල් එකක් අරන් දුන්නාලු මෙන්න මෙහෙම ටෝකක්.

sir river water came up to the home salary im no coming duty.
පොරට කියන්න ඕනි උනේ ගංවතුර (river water) ගෙයි පඩිය (salary) උඩටම ඇවිත් වැඩට එන්න වෙන් නෑ කියලා.

කොරියන් කාරය ඒක අහලා මුගේ පඩි වැඩිකරලා රස්සාවෙන් අස් කරලා තිබුන පහුවදා.

ඕකයි සීන් එක හිනා ගියා නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාල පලයල්ලා type කරපු මහන්සිය නැතිවෙන්න.

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com