Monday, August 5, 2013

jet fuel

ඔන්න දවසක් ගුවන් යානා සමාගමක ගුවන් යානා කාර්මිකයෝ දෙන්නෙක් රෑ වැඩ ඇරිලා ගෙදර යන්න එන්න කලින් ලඟ නමන්න කියලා එලියට බහිද්දි transport එක ගිහින් ලු.
ඒ මදිවට කන පැලෙන්න වහිනවලු.
ඔන්න යාලුවෝ දෙන්නා වුන කතාව.

A: වැස්ස වලාහක දෙයියන්ට හාල් ගරන්න ලඟ නමන්නත් නෑ transport driver ගෙ ආච්චිට පින්සිද්ද වෙන්න දැන් ගෙදර යන්නත් නෑ.
B: බුරන්නෙ නැතුව ඉඳින් මෙතන අලියෙක් වගේ.
බොට මතකද අපේ මැනේජරයා දවසක් කිව්වා අර එලියේ දාල තියෙන jet fuel barrel එකෙන් තෙල් තමන්ගේ වාහන වලට දාගෙනවත්, බීලා වත් මාට්ටු වෙන්න එපා කියලා?

A: ඉතින්?
B: උඹට මතක නැද්ද අපේ cleaning කොල්ලෙක් දවසක් උගෙ කෙල්ල එක්ක අවුලකට මැරෙනවා කියලා ඔය jet fuel බීල ආතල් එකේ වැනි වැනි හිටියා.

A: ඉතින්
B: ඉතින් බොල ගල් මයිනෝ උඹට මම කියන හරුපෙ තේරෙන්නේ නැද්ද?

A: නෑ
B: අනේ කවුරු හරි මුගේ පුකට දෙකක් ඇනපන්කෝ මොලේ ඔලුවට එන්න මස්තබාල්දුවා.
යකෝ, barrel එක පිරෙන්න jet fuel තියෙනවා නම්, කැන්ටිමේ බැදපු මාලු තියෙනව නම්, කන පැලෙන්න සීතලේ වහිනවත් නම්, දැන් අපි duty off වෙලා ඉන්නේ කියලා අනිත් උන් දන්නවා නම් shape එකේ barrel එක මුල්ලට වෙලා දෙකක් නමාගෙන මාලු කෑල්ලක් කාල නිදාගමු බන්, ආයෙ හෙට කොහොමත් වැඩට එන එක නේ. ගෙදර ගිහින් ආවත් එකයි, මෙහෙම්ම ඉඳලා හෙට උදේට ගිහින් duty අත්සන් කෙරුව්ත් එකයි.

A: අන්න එහෙම තේරෙන විදිහට කියපන්කෝ, මම මේ දහ අතේ කල්පනා කෙරුවේ ගෙදර නොගියත් අද දෙකක් නමාගන්නේ කොහොමද කියලයි.

ඩබල බයිට් අරන් පොඩි කෝප්ප දෙකකුත් හොයාගෙන කාටත් නොපෙනෙන්න එලියේ පොඩි ටකරම් වහලයක් යට කලුවරේ තිබ්බ barrel එක පැත්තට වෙලා shot එකක් දාගත්තලු.

A: අඩේ පට්ට ආතල් බන්, එක shot එකයි full kick.
B: ඔව් බන් ගහමු තව එකක්.

දෙකයි දැම්මේ ඩබල knock out.
උදේ ඇහැරිලා බලද්දි A නෑ ලු, duty වෙලාවත් පහු වෙලා ලු.
B ගැහුවා A ට call එකක්.

B: උඹ කොහෙද බන්, ඉක්මනට වරෙන් duty යන්න පරක්කුයි.
A: මට එන්න වෙන්නේ නෑ බන්, sick leave එකක් ගහන්වා මම.

B: ඇයි? උඹ කොහෙද ඉන්නේ?
A: මම දැන් ඉන්නේ ඉන්දියාවේ දිල්ලි වල, මේ බස් එකක් එනකම් ඉන්නවා airport එකට ගිහින් jet fuel ටිකක් ඉල්ලගන්න ආයේ ලoකාවට එන්න.

B: උඹ කොහොමද බන් වෙරි මරගාතේ මේ හදිස්සියේ ඉන්දියාවට ගියේ, අනික ආයේ එන්න උඹ මොකටද jet fuel බොන්නේ?

A: උඹ දන්නවානේ බන් මට නින්දෙන් පඩ යනවා කියලා.

වුන දේ හිතාගන්න බැරිනම් jet fuel ටිකක් බීල පඩයක් ඇරලම බලන්න


ආහ් ලඟ නමනවා කියන්නේ transport එක එන්න කලින් ලඟම තියෙන බාර් එකට ගිහින් shot එකක් දාගෙන transport එක එන තැනට වෙලාවට එන එකටයි

Warning: Do not try this at home

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com