Tuesday, August 6, 2013

එයා ගේ මූණ කොච්චර කැතද කියන එක එයාට දරාගන්න බැරිවුණා නංගී

ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී )

"ඔය නංගී පොඩ්ඩක් මෙහාට එන්න."
"නංගී ගේ නම මොකක්ද?"
"නංගී ගේ ගම කොහේද?"
"නංගී කොයි ඉස්කෝලෙටද ගියේ?"
"නංගී කොයි හෝල් එකේද ඉන්නේ?"

හරිම අමුතු කරුණාවකින් තමයි මේ අයියා ගේ කතාබහ.

නංගීටත් හරි පුදුමයි මේ සීනියර් බැච් එකේ අයියාගේ කරුණාව ගැන. නංගීගෙනුත් කරුණාවන්ත උත්තර ලැබුණා.

"නංගී දන්නවාද ඇයි මං මේ නංගීට, නංගී, නංගී කියලා කතා කරන්නේ කියලා?"

"නෑ අයියේ."

"ඔයා හරියටම මගේ නංගී වගේමයි!"

"ආ, අයියේ ඇත්තද?"

"ඔව් නංගී, එකම උස මහත, එකම මුහුණුවර, නහය, ඇස් දෙක. මගේ නංගියි ඔයයි එක වගේමයි. නිවුන්නු වගේ."

"ආනේ!"

"මට ඔයාව අද දැක්ක ගමන් මගේ නංගීව මතක් වෙලා කඳුළු ආවා නංගී."

"අනේ, ඇයි අයියේ ඒ?"

"මගේ නංගී ගිය අවුරුද්දේ මැරුණා නංගී."

"ආනේ! අනේ අයියේ ඒ මක්වෙලාද?"

"එයා වග බිව්වා නංගී."

"ආනේ, ඇයි අයියේ ඒ?"

"එයා ගේ මූණ කොච්චර කැතද කියන එක එයාට දරාගන්න බැරිවුණා නංගී. එයා ඒ දුකට තමයි වහ බීලා සිය දිවි නසාගත්තේ!"

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com