Tuesday, August 6, 2013

ගෙදර කාගෙද.......??

 ඔන්න ජැකී කියලා එක Dial එකක් Night Club එකකට වෙලා කණ පැලෙන්න ගහලාලු...........හොදටම පාන්දරත් වෙලා වෙලාවත් පාන්දර 2.30 විතර ඇතිලු.......
කොහොමහරි මිනිහා රෑත් වෙලා නිසා ගෙදර යන්න කියලා නැගිට්ටාලු.............
යනවා තියා ඇවිදගන්න බැරි තරමට මිනිහාට දැන් හෙන High ලු...........
කොහොමහරි අමාරුවෙන් නැගිටලා මිනිහා door එක ගාවට ගියාලු..............
ඉතින් දැන් එලියට එහෙම බැහැලා ටිකක් වටපිට බලනකොට තව Dial එකක් Club එකෙන් එලියට බැස්සාලු......
අපරාදේ කියන්න බෑ ඒ Dial එකත් මේ යකා වගේම හොදට ගහලා ලු............

කොහොම හරි ජැකී කාරයා Zig-Zag වෙවී ඉන්නකොට අනිත් මිනිහත් මූගේ ලගට ආවාලු..........
ඇවිත් ජැකී කාරයත් එක්ක Set වෙලා 'විකී' කියලා තමන්ව හදුන්වලා දුන්නාලු..........

එතකොට අපේ එකා.........

ජැකී : ' Hello Brother.....I’m Jackee…… ' කියලා තමන්වත් හදුන්වලා දුන්නාලු

එතකොට..........

විකී : ' අපි දැන් හොද යාලුවොනේ......යමු යන ගමන් මම ඔයාව drop කරන්නම්......' කියලා කිවුවාලු

අරුත් ඉතින් නිකන් ලැබෙන lift එකනේ කියලා කැමති වෙලා ඔන්න ඉතින් දැන් දෙන්නත් එක්ක යනවාලු......ඔන්න කොහොම හරි අන්තිමට ජැකී කාරයාගේ ගෙදරටත් ආවාලු............

ජැකී : ' Okay Dude……Wanna leave….good night & God Bless………' කියලා යන්න හදලා
ජැකී මිනිහාගේ ගෙදර පෙන්නුවාම විකී කාරයා shock උනාලු.....shock වෙලා බැස්සාලු කාර් එකෙන් බිමට

විකී : ' ඇයි ඕයි...මේක කොහොමද අයිසේ තමුසෙගේ ගෙදර වෙන්නේ....? මේක මගේ ගෙදරනේ ඕයි......' කිවුවාලු

ඒක ඇහුවාම ජැකී කාරයාගෙත් වෙරි බැස්සලු......

ජැකී : ' මේ තමුසෙට වැරදීමක් වෙලා........හොදට බලනවා.....මේක මගේ ගෙදර....' කියලා කිවුවාලු

එතකොට......

විකී : ' මට නෙවෙයි ඕයි වැරදිලා තියෙන්නේ........තමුසෙට...මම දන්නේ නැද්ද මේක මගේ ගෙදර ඕයි......' කිවුවාලු

ඔන්න දැන් දෙන්නා ඊශ්රායලයයි,පලස්තීනෙයි වගේ හෙන වළිලු......

ආයෙත්......

ජැකී : ' Are you Nuts …….?? තමුසේ මේ මගුලක් කතා කරනවා.........මේ ගෙදර ඉන්නේ මමයි, මගේ මමී යි, මගේ ඩැඩී යි....' කිවුවාලු

එතකොට.......

විකී : ' තමුසෙගේ මමී, ඩැඩී කොහේද ඕයි මගේ ගෙදර....?? මේ ගෙදර මාත් එක්ක ජීවත් වෙන්නේ මගේ Wife සහ මගේ පුතා...අපි 3 දෙනා විතරයි මේ ගෙදර ඉන්නෙත්....' කියලා කිවුවාලු

ජැකී කාරයාට දැන් මළේ මළලු.......

ජැකී : ' හරි දැන් Argue කරලා වැඩක් නෑ......අපි ඒ ගෙදරටම ගිහින් බලමුකෝ ඒ ගෙදර කාගෙද කියලා......' කිවුවාලු

ඔන්න දැන් දෙන්නාත් එක්ක ගියාලු ගෙදරට...........
ගිහින් bell කෙරුවාලු.......ඔන්න ටික වෙලාවකින් අවුරුදු 40 ක විතර Lady කෙනෙක් ඇවිත් දොර ඇරියාලු...
දොර ඇරියාම මුන් දෙන්නා ඉන්නවාලු දොර ගාවට වෙලා වැනි වැනී.........
මුන් දෙන්නව දැකලා..............

Lady : ' අනේ ඇත්තට මේ වගේ ලැජ්ජා නැති කමක්.......බොනවා මදිවට ඒ පාර තාත්තායි, පුතායි එකට set වෙලා බොන්න පටන් අරන්.....බිව්වා මදිවට දෙන්නත් එක්ක ජෝඩු දාලා ගෙදරත් ආවානේ ලැජ්ජා නැතුව .......අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු......' කියලා කිවුවාලු
……………………………………………………………………

.Key Board එක වැඩ කරනවා නම් Comment කරන්න….!!! 

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com